මරණ සඳහා වන්දි මුදල් ගෙවීම

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

යෝග්‍යතාවය : ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්

අයදුම්පත ඉදිරිපත් කරන ආකාරය : කොන්සියුලර් අංශය වෙත පැමිණ භාරදිය හැකිය. නැතහොත් අවශ්‍ය තොරතුරු සමඟ අයදුම්පතක් තැපෑලෙන් එවිය හැකිය.

අයදුම්පත ලබාගත හැකි ස්ථාන:

කොන්සියුලර් අංශය,

2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැගිල්ල,

කොළඹ 01.

අයදුම්පත්‍රය සඳහා ගාස්තු අය නොකෙරේ.

අයදුම්පත භාරදිය හැකි වේලාව:   පෙ.ව. 8.30 – ප.ව. 3.00

මෙම සේවාව ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

මෙම සේවය ලබාදීම සඳහා ගතවන කාලය: අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලිය අවසන් වූ වහාම හෝ සේවායෝජකයා අදාළ සියළු නෛතික කටයුතු සම්පූර්ණ කළ වහාම.

මේ සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන : වාර්තාගත එක් එක් කාරණය අවස්ථානුකූලව එකිනෙකින් වෙනස් වන නිසා අයදුම්කරු/පැමිණිලිකරු/ඥාතියා කරුණු ඔප්පු කිරීමට අවශ්‍ය ලේඛන ද සමඟ අදාළ විෂයභාරව කටයුතු කරන නිලධාරියා හමුවිය යුතුය.  නිශ්චිත තොරතුරු සඳහා අදාළ වෙබ් අඩවිය බලන්න.

අයදුම්පත්‍රය:   පැමිණිලි කිරීම සඳහා ඉල්ලීම් ලිපිය පමණක් අවශ්‍ය වේ.

අයදුම්පත සමග පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

      1. ළඟම ඥාතියා විසින් නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
      2. වන්දි මුදල් ඉල්ලා සිටීමේ ලිපිය
      3. සේවා යෝජකයා පිළිබඳ විස්තර
      4. සේවා ගිවිසුම
      5. සමාගමේ හැඳුනුම්පත
      6. රක්ෂණ හිමිකම පිළිබඳ විස්තර
      7. බැංකු විස්තර
      8. වෛද්‍ය වාර්තා (අවශ්‍ය නම්)

– නඩුවක් සඳහා නම් –

      1. ඇටෝර්නි බලපත්‍රය
      2. නීත්‍යානුකූල උරුමක්කාරයා පිළිබඳ සහතිකය
      3. භාරකාරත්වය පිළිබඳ සහතිකය (වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිටී නම්)
      4. සමාව දීමේ ලිපිය (ඝාතනය කිරීමකදී)‍
      5. වෙනත් අදාළ නෛතික ලේඛන (උප්පැන්න සහතිකය/ විවාහ සහතිකය ආදි)

මියගිය පුද්ගලයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු ලෙස අධිකරණ තීන්දුව ලබාදී තිබේ නම් වන්දි මුදල් ලබාගැනීමට හැකියාවක් නොමැත.

මේ සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන සිද්ධිය හා රට අනුව වෙනස් වේ.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close