අපනයන ලේඛන

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • අපනයන ලේඛන සත්‍යාපනය පිණිස භාරගත හැක්කේ, මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති වාණිජ මණ්ඩලයකින් නිල මුද්‍රා තබා සහතික කළ, ප්‍රභව ස්ථාන සහතික (Certificate of Origin), ඉදිරිපත් කර ඇත්නම් පමණි.
  • අපනයන ලේඛන කට්ටලයක් සත්‍යාපනය කිරීම පිණිස රුපියල් 6000/= ගාස්තුවක් අය කෙරේ. ප්‍රභව ස්ථාන සහතික (Certificate of Origin) කට්ටල කිහිපයක් ඇත්නම් ඒ එක් එක් කට්ටලය වෙනුවෙන් වෙන වෙනම ගාස්තු අය කෙරේ. එක් අපනයන ලේඛන කට්ටලයක පහත සඳහන් ලේඛන ඇතුලත් විය හැකිය.
    • ප්‍රභව ස්ථාන සහතිකය (Certificate of Origin)
    • ඉන්වොයිසිය / වෙළෙඳ ඉන්වොයිසිය (Invoice/ Commercial Invoice)
    • නෞභාර පත්‍රය (Bill of Lading)
    • සෞඛ්‍ය සහතික (Health Certificate)
    • විද්‍යාගාර පරීක්ෂණ සහතික (Laboratory Certificates)
    • විශ්ලේෂණ වාර්තා (Analysis Reports)
    • ස්වස්ථතා සහතික (Phytosanitary Certificates)
    • නිරෝධායන සහතික (Quarantine Certificates)
    • පාර්ශවකරුවන්ගේ පිටපත (Party’s copy)

තවද, ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin) නොමැතිව පහත සඳහන් ලේඛන වෙන වෙනම සත්‍යාපනය කිරීමට රුපියල් 800/= ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.

  • සෞඛ්‍ය සහතික (Health Certificate)
  • විද්‍යාගාර පරීක්ෂණ සහතික (Laboratory Certificates)
  • විශ්ලේෂණ වාර්තා (Analysis Reports)
  • ස්වස්ථතා සහතික (Phytosanitary Certificates)
  • නිරෝධායන සහතික (Quarantine Certificates)
  • නිදහස් විකිණීම් සහතික (Free Sale Certificates)
  • තත්ත්ව හා ප්‍රමිති සහතික (Quality and Standards Certificates)
  • දිවුරුම් ප්‍රකාශ හා ඇටෝනි බලපත්‍ර (Affidavits and Power of Attorneys) (ශ්‍රේෂ්ඨාධිකරණයේ සහතිකය ලත්)
  • පාර්ශවකරුවන්ගේ පිටපත

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close