උප්පැන්න, විවාහ සහ මරණ සහතික

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • 2008.01.01 ට පෙර නිකුත් කරන ලද උප්පැන්න විවාහ සහ මරණ සහතික, සත්‍යාපනය කිරීමේ කර්තව්‍ය සඳහා පිළිගනු ලබන්නේ එකී ලියකියවිලිවල මුල් පිටපත මුල් ලේඛනයෙන් හෝ දිස්ත්‍රික් ලේකම්වරයාගේ කාර්යාල දත්ත පද්ධතියෙන් ලබාගෙන 2008.01.01 දින හෝ ඊට පසු දිනක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කර තිබේ නම් පමණි. මෙහි ‘මුල් පිටපත’ යනුවෙන් අදහස් වන්නේ උප්පැන්න විවාහ හෝ මරණය සිදුවන අවස්ථාවේ එය ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉල්ලුම් කරන්නාට නිකුත් කරන ලියවිල්ල නොවන අතර, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයේදී උපත, විවාහය හෝ මරණය ලියාපදිංචි කිරීමෙන් පසුව එහි දත්ත පද්ධතියෙන් හෝ නිල ලේඛනයෙන් ලබාගෙන, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන සහතික කරන ලද පිටපතයි. (උප්පැන්න විවාහ හෝ මරණ ලියාපදිංචි කරන අවස්ථාවක නිකුත් කරන ලද ලියවිල්ලක් සත්‍යාපනය කිරීම සඳහා සලකනු ලැබිය හැක්කේ එය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සත්‍ය පිටපතක් වශයෙන් යළි සහතික කර තිබේ නම් පමණි.)
  • ‘කිසිදු ප්‍රතිඵලයක්’ නොමැති ලේඛන සත්‍යාපනය කිරීම සඳහා සලකා බලනු ලබන්නේ එවන් දත්ත කිසිදු දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයක හෝ කොළඹ මාලිගාවත්ත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සටහන් වී නොමැති බවට නිශ්චය කරගැනීමෙන් පසුව පමණි. ලේඛනයේ දෙවැනි පිටපතක්ද නොමැති බවට සහතික විය යුතුය.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක බලයලත්, දික්කසාද නියෝගය නිකුත් කළ කාති උසාවියක් හා සම්බන්ධ නිලධාරියෙකු විසින් මුස්ලිම් දික්කසාද සහතික, සහතික කළ යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව
දුරකතන :
+94 112 338 812 / +94 112 446 302
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close