මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන්, මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු 2026 මැයි 4 වැනි දින සිට 5 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපති මුයිසු, 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙස මෙය සැළකේ. මෙම සංචාරය අතරතුරදී, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්, මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතය.

විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කෙරෙනු ඇත.

ජනාධිපති මුයිසු සමඟ ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු සහ මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වනු ඇත.


විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

 2026 අප්‍රේල් 30 වැනි දින

Please follow and like us:

Close