මැදපෙරදිග කලාපය තුළ ගැටුම් සමනය කොට කඩිනමින් සාමකාමී වාතාවරණයක් ඇති කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි.

මැදපෙරදිග කලාපය තුළ ගැටුම් සමනය කොට කඩිනමින් සාමකාමී වාතාවරණයක් ඇති කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි.

මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති ගැටුම්කාරී තත්ත්වය වේගයෙන් උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල පළ කරන අතර මෙය කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වේ.

මෙම තත්ත්වය සමනය කිරීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත්, ගැටුම්කාරී තත්වය සමනය කිරීම සඳහා ක්ෂණික හා තීරණාත්මක පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව මෙයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. බරපතල මානුෂීය හා ආර්ථික බලපෑම් සහිත පුළුල් කලාපීය ගැටුමක අවදානම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන් තවදුරටත් ප්‍රකෝපකාරී පියවරයන්ගෙන් වැළකී සිටිය යුතුය.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 පෙබරවාරි 28 වැනි දින

Please follow and like us:

Close