මාධ්‍ය නිවේදනය
රජය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති හදිසි ගංවතුර තත්ත්ව සහන මෙහෙයුම් සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳව කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් අද දින, එනම් 2025 නොවැම්බර් 28 වැනි දින, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී, රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් කැඳවනු ලැබිණි.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල සියලුම දූත මණ්ඩල සහ කාර්යාල ප්‍රධානීන් මෙම රැස්වීමට මාර්ගගතව සම්බන්ධ විය.
මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂණය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර ක්ෂණික හා පසු ප්‍රතිසාධන පියවර සම්බන්ධ ක්‍රියාමාර්ග සදහන් කර ඇත.
කොළඹ පදනම් කරගත් බොහෝ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල මෙම අභියෝගාත්මක කාලය තුළදී ශ්‍රී ලංකා රජයට ඔවුන්ගේ සහයෝගීතාව සහ උපකාරය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත. මානුෂීය ආධාර සැපයීමේදී සහ අඛණ්ඩ සහන සහ ප්‍රතිසාධන මුලපිරීම් සඳහා දායක වීමේදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට ඔවුන්ගේ සූදානම දූත මණ්ඩල විසින් දැනුම් දී ඇත.
ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සමස්ත සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 නොවැම්බර් 28 වැනි දින


