එරිත්‍රියාවේ රඳවා සිටි ශ්‍රී ලාංකික නාවිකයින් සය දෙනකු නැවත මෙරටට ගෙන්වා ගැනෙයි

එරිත්‍රියාවේ රඳවා සිටි ශ්‍රී ලාංකික නාවිකයින් සය දෙනකු නැවත මෙරටට ගෙන්වා ගැනෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ඊජිප්තුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ එරිත්‍රියානු බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන්, එරිත්‍රියාවේ රඳවා සිටිනු ලැබූ ශ්‍රී ලාංකික නාවිකයින් සය දෙනකු (06) සාර්ථකව නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සපයා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, විජිත හේරත් මහතාගේ උපදෙස් මත, අදාළ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් මැදිහත් වීම සහ එරිත්‍රියාවේ රඳවා සිටි එම ශ්‍රී ලාංකිකයන් සියරට පිටත් කරවා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එරිත්‍රියාව වෙත සමගාමීව ප්‍රතීතනය කර ඇති කයිරෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා, එරිත්‍රියාවේ අගනුවර වන අස්මාරාහි රැඳී සිටියේය. අද දින (2025 ඔක්තෝබර් 24) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් එම ශ්‍රී ලාංකිකයින් පිරිස පිළිගනු ලැබීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් සහාය ලබා දීම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සියලු පියවර අනුගමනය කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 ඔක්තෝබර් 24 වැනි දින

 

 

Please follow and like us:

Close