
ශ්‍රී ලංකාව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම) පිළිබඳ අපරානුමත ලේඛනය, සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෙකු බවට පත් වෙමින්, 2025 සැප්තැම්බර් 16 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සතුටින් දන්වා සිටියි.
ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම, සමුද්‍රීය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ නායකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
1982 වසරේදී සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) වැඩි දියුණු කිරීමේ සඳහා ලබා දුන් නායකත්වය ඇතුළුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
ආරම්භයේ සිටම ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම් සාකච්ඡාවල ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව නිරත වී ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මානව වර්ගයාගේ යහපත උදෙසා සමුද්‍රීය සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සහ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තරව හඳුනා ගැනීමේ මෙම ඓතිහාසික ගමන් මඟෙහි පාර්ශ්වකරුවෙකු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභිමානයට පත් වේ. ශ්‍රී ලංකාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ, ගිවිසුම ක්‍රියාත්මක කිරීම, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය වැඩි දියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස සලකයි.
ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අනුමත කිරීමෙන්, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජාන සම්පත් (MGRs) සහ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (DSI) වැනි සම්පත් සාධාරණ හා සමාන ලෙස බෙදා ගැනීම තුලින් ප්රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.මෙම ගිවිසුම මගින් ශාක්‍යතා සංවර්ධනය සහ සමුද්‍රීය තාක්ෂණ හුවමාරු කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාවන් සපයයි
එපමණක් නොව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනෙකුත් ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමට ද මෙමඟින් හැකියාව සැලසෙයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 17 වැනි දින



