පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, දේශීය බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් අනුගමනය කරන ලෙසත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නේපාලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
ඕනෑම ආකාරයක සහය සඳහා, +9779851048653 උපකාරක සේවා දුරකතන අංකය හරහා ශ්‍රී ලාංකිකයින්ට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කරගත හැක.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 10 වැනි දින
Please follow and like us:


