මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා (Re-entry visa) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re-entry වීසා හී වලංගු කාලය 2025.07.31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) තීරණය කර ඇත.
ඒ අනුව, ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේවන විට ආරම්භ කර ඇති බැවින් Re-entry වීසා මත මෙරටට පැමිණි අයවලුන්ට Re-entry වීසා කාලය අවසන් වුවද 2025.07.31 දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සදහා යොමු වීමට හැකියාව ඇත.
මේ සම්බන්ධයෙන් අදාල සියළුම ආයතන ද දැනුවත් කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජුනි 27
Please follow and like us:


