නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 වැනි දින සිට 28 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී  නවසීලන්ත නියෝජ්‍ය අගමැති, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැදකිනු ඇති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා සමඟ වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. මෙම සංචාරයේදී නියෝජ්‍ය අගමැති පීටර්ස් මහතා පෞද්ගලික අංශයේ සහ මාධ්‍ය කටයුතු කිහිපයකට ද සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නියෝජ්‍ය අගමැතිවරයා සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුද මෙම සංචාරයට සහභාගී වනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 මැයි 20 වැනි දින

 

Please follow and like us:

Close