එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා 2025 පෙබරවාරි 10 සිට 13 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක මහතා ඩුබායි නුවර පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතන අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා හමුවීමටද නියමිතය.
සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සමඟ ද ජනාධිපති දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණෙන් ජනාධිපති දිසානායක මහතා තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 පෙබරවාරි 05 වැනි දින