ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරිය ලෙස අරුණි රණරාජා මහත්මිය පත් කරනු ලැබීමෙන් අනතුරුව 2024 නොවැම්බර් 19 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඇය සිය ධුරයේ වැඩ භාර ගත්තාය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
වෘත්තීය ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරිනියක වන, අරුණි රණරාජා මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වසර 28ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඇය නෙදර්ලන්තයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරද ඇතුළුව විවිධ තනතුරු දරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කර ඇත. ඇය රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසද කටයුතු කළාය.
මෙම තනතුරට පත්වීමට පෙර ඇය 2024 අප්‍රේල් මාසයේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ සන්ධාන ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියාය.
අරුණි රණරාජා මහත්මිය යුක්රේන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද එම විශ්වවිද්‍යාලයෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක්ද ලබා ඇත. සිය මව් භාෂාවට අමතරව, ඇයට ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවන් චතුර ලෙස හැසිරවිය හැකි අතර ජපන් භාෂාව පිළිබඳ අවබෝධයක්ද ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 නොවැම්බර් 19 වැනි දින