පොදුරාජ්‍ය මණ්ඩලරාජ්‍ය නායක සමුළුව -2024 සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ.

පොදුරාජ්‍ය මණ්ඩලරාජ්‍ය නායක සමුළුව -2024 සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ.

 

 2024 ඔක්තෝබර් 24 සිට 26 වැනි දින දක්වා සැමෝවාහි අපියා අගනුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය. 2024 වසර සදහා මෙම සමුළුවෙහි තේමාව වූයේ “අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදුරාජ්‍ය මණ්ඩලයක්” යන්නයි. පොදුරාජ්‍ය මණ්ඩලය, ස්වාධීන රාජ්‍ය පනස් හයකින් සමන්විත ස්වේච්ඡා සංගමයක් වන අතර, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමෘද්ධිය යන සභාගී අරමුණු සඳහා එක්ව කටයුතු කරන රාජ්‍යයන්ගේ ලොව පැරණිතම දේශපාලන සංවිධානයකි. මෙම සංවිධානයට ආසන්න වශයෙන් බිලියන 2.7 ක ජනතාවක් අයත් වන අතර, එයට දියුණු ආර්ථිකයකට හිමිකම් කියන රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් යන දෙවර්ගයම ඇතුළත් වේ.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව - 2024 අතරතුර, නායකයින්ගේ ප්‍රකාශය, සැමෝවා පොදුරාජ්‍ය මණ්ඩලරාජ්‍ය නායක සමුළුව- 2024 ප්‍රකාශය සහ අපියා පොදු රාජ්‍ය මණ්ඩල සාගර ප්‍රකාශය සම්මත කරනු ලැබිණි. නායකයන් විසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ මීළඟ මහ ලේකම්වරයා ලෙස ගානාවේ ගරු විදේශ කටයුතු සහ කලාපීය ඒකාබද්ධතා අමාත්‍ය ෂර්ලි අයර්කෝර් බොච්වේ මහතා තෝරා ගනු ලැබිණි.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2024 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කෙරෙන දෙදෙනකුගෙන් යුත් දූත පිරිසේ නායකත්වය ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය විසින් දරනු ලැබූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ චතුර පෙරේරා මහතා එම මහත්මිය සමඟ රැස්වීම්වලට සහභාගී වූයේය.

2024 ඔක්තෝබර් 24 වැනි දින පැවැති පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමටද   ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වූහ.මල්ලිකාරච්චි මහත්මිය, සැමෝවා හි ගරු විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රධාන විධායක නිලධාරී පෙසෙටා නූමියා සිමි මහත්මිය බැහැදුටු අතර සැමෝවාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව-2024 සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පළ කෙරෙන ලිපියද භාර දුන්නාය. ඇය පොදුරාජ්‍ය මණ්ඩලයේ ගරු මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද බැහැදැක ශ්‍රී ලංකාවේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව මහලේකම්වරිය දැනුවත් කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ඔක්තෝබර් 26වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close