ලිතුවේනියානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ලිතුවේනියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස ඩියානා මිට්ස්කැවේචිනියා මහත්මිය පත් කර තිබේ. ඒ මහත්මිය 2024 අගෝස්තු 21 වැනි දින ප.ව.5.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 අගෝස්තු 21 වැනි දින
Please follow and like us: