විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ සංචාරයක

ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2024 අගෝස්තු 07 සිට 09 වැනි දින දක්වා ඊජිප්තුවේ නිල සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරය අතරතුරදී ඒ මහතා කයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා හමුවීමටද නියමිතය. දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තු වාණිජ මණ්ඩල සම්මේලනයේදී සාකච්ඡා පැවැත්වීමටත් තවත් සම්භාවනීය පුද්ගලයන් කිහිප දෙනෙකු බැහැදැකීමටත් අපේක්ෂිතය.

මෙම ද්විපාර්ශ්වික සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 අගෝස්තු 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close