විදේශ කටයුතු ලේකම්වරියගේ නායකත්වයෙන් යුත්  ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටයට සහභාගී වීම සඳහා පාකිස්තානයේ සංචාරයක

විදේශ කටයුතු ලේකම්වරියගේ නායකත්වයෙන් යුත්  ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටයට සහභාගී වීම සඳහා පාකිස්තානයේ සංචාරයක

2024 ජූලි 30 වැනි දින ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරයි.

ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය පැවැත්වෙනුයේ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහ පාකිස්තාන විදේශ ලේකම් මුහම්මද් සයිරස් සජාඩ් ක්වාසි යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතීත්වයෙනි.

මෙම උපදේශන මගින් ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය මෙන්ම ආර්ථික හා වෙළෙඳආරක්‍ෂක සහ ආරක්‍ෂණඅධ්‍යාපනයසංස්කෘතියමාධ්‍ය සහ ක්‍රීඩාකොන්සියුලර් කටයුතුකෘෂිකර්මාන්තය සහ තාක්‍ෂණය වැනි සහයෝගිතා ක්ෂේත්‍රවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම උපදේශනවලට සමගාමීව විදේශ කටයුතු ලේකම්වරිය පාකිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය මුහම්මද් ඉෂාක් දාර් මහතා බැහැ දැකීමටද නියමිතය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර.සී.විජේගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන අවසන් වරට (6 වැනි වටය) 2020 දෙසැම්බර් මාසයේදී මාර්ගගතව පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close