ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

 ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

නවසීලන්ත රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින නවසීලන්ත මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී  ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close