බිම්ස්ටෙක් ප්‍රඥප්තිය බලාත්මක වීම

බිම්ස්ටෙක් ප්‍රඥප්තිය බලාත්මක වීම

බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයෙහි වසර 27ක ගමන්මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2024 මැයි 20 වැනි දින බිම්ස්ටෙක් ප්‍රඥප්තිය බලාත්මක වීම ශ්‍රී ලංකා රජය සතුටින් පිළිගනී.

මෙම සංවිධානය සඳහා නෛතික සහ ආයතනික රාමුව ස්ථාපිත කෙරෙන  බිම්ස්ටෙක් ප්‍රඥප්තිය, සංවිධානයේ  සාමාජික රටවල් අතර සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා නව අවස්ථා සලසමින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපය තුළ කලාපීය සහයෝගීතාව සහ ඒකාබද්ධ වීම ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙන සැලකිය යුතු වර්ධනයකි.

ප්‍රඥප්තිය බලාත්මක වීමත් සමඟ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එකඟ වූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සියලුම සාමාජික රටවල් ප්‍රමුඛත්වය දෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපය තුළ සම්බන්ධතාව, ආර්ථික වර්ධනය සහ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා මෙම අවස්ථාවෙහි වැදගත්කම හඳුනා ගැනීමට රජය මහජනතාව සහ පාර්ශවකරුවන් දිරිමත් කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 මැයි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close