මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

 මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා 2024 ජූනි 03 සිට 06 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදැකීමට නියමිතය. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය සමීර් මහතා සමඟ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක් වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close