හිටපු ඉරාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ටෙහෙරානය බලා පිටත්වෙයි.

හිටපු ඉරාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ටෙහෙරානය බලා පිටත්වෙයි.

2024 මැයි 22 වැනි දින එනම් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත දිවංගත ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමීර් අබ්දුල්ලාහියන් යන මහත්වරුන්ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඉරානය බලා පිටත්වන ඉහළ පෙළේ නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්.අලි සබ්රි මහතා විසින් දරනු ලබයි.

අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය ඉරානයේ අධ්‍යාත්මික නායකයා වෙත භාරදීමට නියමිතය. සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කරමින්, දිවංගත ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉකුත් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එෆ්.එම්. අස්මි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු සහ මැදපෙරදිග අංශයේ අතිරේක ලේකම් යූ.එල්.එම්. ජවුහර් යන මහත්වරුන්ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ටෙහෙරාන් සංචාරයට එක්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close