ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

2023 ඔක්තෝම්බර් 17 වන දින බීජිං හි පැවති ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන තෙවන තීරය සහ මාර්ග සංසදයට සමගාමීව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පකිස්ථාන අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් මහතා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීය.

දෙරට මුහුණ දෙන ආර්ථික අභියෝග ජය ගැනීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ක්‍රියාත්මක කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව නායකයන් දෙපළ සිය අදහස් හුවමාරු කර ගත්හ. ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වරින් වර හොඳම භාවිතයන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල තවදුරටත් සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශවය එකඟ විය.

බරපතල මානුෂීය තත්වයක් ඇති කරමින් බොහෝ අහිංසක සිවිල් වැසියන්ට සහ කුඩා දරුවන්ට මරණ හා තුවාල සිදු කර ඇති ගාසා තීරයේ පවතින ප්‍රචණ්ඩත්වය සහ මිලිටරි ක්‍රියාකාරකම් උත්සන්න වීම පිළිබඳව නායකයින් දෙදෙනා දැඩි කනස්සල්ල බෙදා ගත්හ.

නායකයන් දෙදෙනා ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් සිවිල් වැසියන්ට හානි සිදුවීම වැළැක්වීමට සහ ගාසා තීරයේ වටලනු ලැබූවන්ට අත්‍යවශ්‍ය ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම් සඳහා උපකාර කිරීම සඳහා මානුෂීය ප්‍රවේශයක් ආරම්භ කරන ලෙසයි. ගාසා තීරයේ දීර්ඝ කාලීන ගැටුමට දේශපාලන විසඳුමක් සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළ අතර රාජ්‍ය දෙකක විසඳුමක් මත පදනම්ව සාකච්ඡා මාර්ගයෙන් ගැටුම විසඳීමට මාර්ග සොයන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2023 ඔක්තෝබර් 18

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close