බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇන්ට්වර්ප් හි සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවක් පවත්වයි

බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇන්ට්වර්ප් හි සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවක් පවත්වයි

බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සැප්තැම්බර් 2027 සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකාවේ ආකර්ශනීය ස්ථාන බෙල්ජියම් සංචාරක ක්‍රියාකරුවන්ට සහ සංචාරක ආයතන වෙත හඳුන්වාදීමේ අරමුණින් “Discover Sri Lanka: Unveiling the Island's Beauty in Belgium” නමින් සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවක් බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි දී පැවැත්විණ. සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක නියෝජිතයින්, බ්ලොග් ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සංචාරක මාධ්‍යවේදීන්, රූපවාහිනී සහ මාධ්‍ය වෘත්තිකයන් සහ ගුවන් සමාගම්වල නියෝජිතයින් ඇතුළු 80 කට අධික පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූහ.

ඇන්ට්වර්ප් පළාතේ ආණ්ඩුකාර කැතී බර්ක්ස්ගේ විශේෂ වීඩියෝ පණිවිඩයක් මෙම වැඩමුළුවේ විශේෂත්වය වූ අතර ඇය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ප්‍රශංසනීය ප්‍රයත්නයට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමුවාය. බර්ක්ස් ආණ්ඩුකාරවරිය සිය පණිවිඩයෙන්  ශ්‍රී ලංකාව අව්‍යාජ සහ සාරවත් අත්දැකීම් සොයන සංචාරකයින් සඳහා කදිම තේරීමක් බවට පත් කරන විවිධාකාර අත්දැකීම් සහිත ස්වභාවික සංචාරක ගමනාන්තයක් ලෙස අගය කළාය.

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් ආසිර්වතම් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරක භූ දර්ශනය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දීම  උත්සවයේ ප්‍රධාන අංගයක් වුයේය. තානාපති ආසිර්වතම් මහත්මිය රට තුල ඇති විශ්මයජනක වූ විවිධ භූ දර්ශන, පෞරාණික වෙරළ තීරයන් සහ පොහොසත් සංස්කෘතික උරුමයන් ඉස්මතු කළාය. ඇය ශ්‍රී ලංකාවේ බහුල වන ජීවීන්, සශ්‍රීක ස්වභාව රක්ෂිත සහ සමෘද්ධිමත් ආයුර්වේද ක්ෂේත්‍රය සහ සුවතා සංචාරක ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළාය. අද්විතීය රසයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාවේ ආහාරපාන, වසර පුරා සිදුවන සංස්කෘතික ක්‍රියාකාරකම් ද සංචාරකයින්ට දූපත් රාජ්‍ය ගවේෂණය කිරීමට හේතු ලෙස අවධානයට ලක් විය.

ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකාවේ  නිර්වේතනික  කොන්සල්වරිය මොනික් ඩි ඩෙකර් මහත්මිය, වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරයේ උද්යෝගිමත් අපේක්ෂාවන් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වික්‍රමාන්විත පැතිකඩ  පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කළාය. ශ්‍රී ලංකාව තුළ සාප්පු සවාරි යාමේ සතුට පිළිබඳ සඳහන් කරමින් ඇය සාප්පු සවාරි යන්නන්ගේ පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වූවා ය. මොනික් ඩි ඩෙකර් මහත්මිය සියලු අමුත්තන්ට පිළිගැනීමේ අත්දැකීමක් සහතික කරන  ශ්‍රී ලාංකීය ජනතාවගේ උණුසුම සහ ආගන්තුක සත්කාරය පැසසුමට ලක් කළාය.

සංචාරක උපදේශක කවුන්සිලයේ සාමාජික සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) හිටපු සභාපති මහේන් කාරියවසම් මහතා විවිධ සංචාරකයින්ගේ රුචිකත්වයන්ට සරිලන නවාතැන් විකල්පයන් පිළිබඳව විස්තර කළේය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි අවකාශය සහ අභ්‍යන්තර ප්‍රවාහන ජාලවල කාර්යක්ෂමතාවය පිළිබඳව ද ඔහු අවධාරණය කළේය. මහේන් කාරියවසම් මහතා ශ්‍රී ලංකාව විසින් සංචාරකයින්ට ලබා දෙන මුදලට දැරිය හැකි සුවිශේෂී වටිනාකම් පිළිබඳ සහතික වූයේය.

පළපුරුදු සංචාරක නියෝජිතයෙකු වන Sjobbe Schellenes, ඔහුගේ පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගනිමින්, සංචාරක කර්මාන්තය  ප්‍රවර්ධනය කිරීමේදී සහ රට තුළ සංචාරක ක්‍රියාකරුවන් සමඟ ව්‍යාපාරික ගනුදෙනු පැවැත්වීමේදී ශ්‍රී ලංකාව සමඟ ඔහුගේ සුහදශීලි සබඳතා විස්තර කළේය. ඔහුගේ ප්‍රකාශය බෙල්ජියම් සංචාරක වෘත්තිකයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අතර වර්ධනය වන සබඳතා පිළිබඳ සාක්ෂියක් විය.

බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙල්ජියමේ සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක නියෝජිතායතන සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා බෙල්ජියමේ නගර සහ ප්‍රදේශ කිහිපයක සංචාරක ප්‍රවර්ධන වැඩමුළු පැවැත්වීමේ ක්‍රියාකාරීව නිරතව සිටී. ජාතික සුන්දරත්වය, සංස්කෘතික පොහොසත්කම සහ උණුසුම් ආගන්තුක සත්කාරයේ අද්විතීය සම්මිශ්‍රණය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාව බෙල්ජියම් සංචාරකයින් සඳහා වඩාත් කැමති ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණයි.

බොහෝ විට බෙල්ජියමේ වාණිජ අගනුවර ලෙස හැඳින්වෙන ඇන්ට්වර්ප්, එහි උපායමාර්ගික වරාය, විචිත්‍රවත් ව්‍යාපාරික දිස්ත්‍රික්කයක් සහ ආර්ථික වැදගත්කම සඳහා ප්‍රසිද්ධ කාර්යබහුල නගරයක් ලෙස පවතී. ඇන්ට්වර්ප් හි පැවති "ඩිස්කවර් ශ්‍රී ලංකා" සංචාරක ප්‍රවර්ධන වැඩමුළුව ඇන්ට්වර්ප් හි උපායමාර්ගික පිහිටීම සහ විවිධ සංචාරක කර්මාන්ත උපයෝගී කර ගනිමින් අත්කරගත් ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කරන ලදී. ඇන්ට්වර්ප් හි සංචාරකයින් සඳහා "නැරඹිය යුතුම" නිවාඩු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථිරව ස්ථාපිත කිරීම අරමුණු කරගත් සංචාරක ක්‍රියාකරුවන්, නියෝජිතායතන සහ බ්ලොග් ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට මෙම වැඩමුළුව සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 ඔක්තෝබර් 02

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close