බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙල්ජියමේ වලෝනියා කලාපයේ අගනුවර වන නමූර් සමඟ සබඳතා ශක්තිමත් කරයි

 බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙල්ජියමේ වලෝනියා කලාපයේ අගනුවර වන නමූර් සමඟ සබඳතා ශක්තිමත් කරයි

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාතම් මහත්මිය විසින් 2023 සැප්තැම්බර් 16 වැනි දින පැවති වාර්ෂික ජාත්‍යන්තර දින උත්සවයට සහභාගී වෙමින් තානාපති කාර්යාලය සහ නමූර් හි වලූන් අගනුවර අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගන්නා ලදී. නමූර් පළාතේ ආණ්ඩුකාර ඩෙනිස් මැතින් සහ නමූර් හි නගරාධිපති මැක්සිමේ ප්‍රෙවොට් විසින් ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන මෙම ඉහළ පෙළේ උත්සවය ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කළේය.

උත්සවයේ සමරු සිහිවටනය මගින් ආණ්ඩුකාරවර ඩෙනිස් මැතින්ගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ පවතින සක්‍රීය සම්බන්ධතාව ඉස්මතු කරන ලද අතර, තානාපති ආසිර්වාතම් විසින් ආණ්ඩුකාරවරයා සමඟ පැවැත්වූ හමුව ද පිළිබිඹු කළේය.

ආණ්ඩුකාර කාර්යාලයේ අගනා සහයෝගය ඇතිව පසුගිය වසරේ සාර්ථක සංචාරක ප්‍රවර්ධන උත්සවයක් පවත්වා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නමූර් සමඟ සමීප සබඳතාවයන් සක්‍රීයව වර්ධනය කරගනිමින් පවතී. මෙම සහයෝගීතාවය සමඟ මුසු වූ සංචාරක ප්‍රවර්ධන වැඩමුළුව සඳහා ආණ්ඩුකාරවරයාගේ සහභාගීත්වය සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් ඇති කිරීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නමූර්හි ජනතාව අතර ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් ලෙස දෘශ්‍යමාන කරවමිනි.

2023 අගෝස්තු මාසයේ දී, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ජනප්‍රියත්වය පවත්වා ගැනීමට තවත් පියවරක් ලෙස නමූර් හි දේශීය සඟරාවක සංචාරක ප්‍රවර්ධන දැන්වීමක් පළ කරන ලදී. මෙම පියවරෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක විකල්පයක් ලෙස නමූර් හි පදිංචිකරුවන්ගේ සිත්සතන් තුළ නැවුම්ව තබා ගැනීමයි.

ජාත්‍යන්තර දින උත්සවයේදී ඔවුන්ගේ කෙටි සංවාදය අතරතුර, ආණ්ඩුකාර ඩෙනිස් මැතින්, නිරන්තර වෙළඳ හා සංචාරක උත්සව නමූර් තුළ සංවිධානය කරන ලෙස තානාපති ආසිර්වතම්ව දිරිමත් කළේය. එවැනි මුලපිරීම් දිගුකාලීනව ධනාත්මක සහ ඵලදායී ප්‍රතිඵල ගෙන දෙන බවත්, නමූර් සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බැඳීම් ශක්තිමත් කරන බවත් ඔහු අවධාරණය කළේය.

තානාපතිනි ග්‍රේස් ආසිර්වතම්, නමූර් පළාතෙන් ලබාදුන් උණුසුම් සත්කාර සහ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාව සහ නමූර් අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා සිය කැපවීම යළි අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සහ වලෝනියාව අතර බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් බෙල්ජියමේ කොන්සියුලර් සංගමයේ සභාපතිනිය ලෙස ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකාව සඳහා වූ නිර්වේතනික කොන්සල් මොනික් ඩි ඩෙකර් ද නමූර්හි පැවති ජාත්‍යන්තර දින උත්සවයට සහභාගී වූවාය.

බෙල්ජියම එහි භාෂාමය සහ කලාපීය විවිධත්වය සඳහා ද  ප්‍රධාන වශයෙන් ප්‍රංශ භාෂාව කතා කරනු ලබන වොලෝනියාව එහි ප්‍රධාන කලාප තුනෙන් එකක් ලෙස ප්‍රසිද්ධය. අනෙකුත් භූගෝලීය ප්‍රදේශ දෙක ලෙස ප්‍රධාන වශයෙන් ලන්දේසි භාෂාව කතා කරන උතුරු හා බටහිර දිග ප්‍රදේශයක් වන ෆ්ලෙමිෂ් කලාපය (ෆ්ලැන්ඩර්ස්) සහ ප්‍රංශ-ලන්දේසි ද්විභාෂා මගින් පරිපාලනය කෙරෙන බ්‍රසල්ස්-අගනගරය ඇතුළත් වේ. වලෝනියාවේ අගනුවර වන නමූර් ඓතිහාසික නගරයක් පමණක් නොව කලාපය තුළ වැදගත් වාණිජ හා කාර්මික කේන්ද්‍රස්ථානයකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 සැප්තැම්බර් 19

Print Friendly, PDF & Email
Please follow and like us:

Close