මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ICWC2023 ප්‍රදර්ශනයේදී අනර්ඝ සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ICWC2023 ප්‍රදර්ශනයේදී අනර්ඝ සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2023 සැප්තැම්බර් 08 - 09 දිනවල පැවැත්වුණු ICWC2023 ප්‍රදර්ශනයට සහභාගිත්වය ලබා දුනි. මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික විචිත්‍රාංග ප්‍රදර්ශනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ සිත් ඇදගන්නා සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් විය.

ප්‍රදර්ශනය අතරතුර, සිත් ඇදගන්නා සංදර්ශණයකින් නරඹන්නන් ආකර්ශනය කර ගනිමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් රටේ පොහොසත් සංස්කෘතිය සහ උරුමයන් ප්‍රදර්ශනය කරන ලදී.එහි විශේෂත්වයන් අතර සාම්ප්‍රදායික ලී වෙස් මුහුණු  ඒවායේ සංකීර්ණ ශිල්පීයත්වය සහ සංකේතාත්මක වැදගත්කම සඳහා ප්‍රසිද්ධ විය. ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් තුළ මුල් බැසගත් මෙම කැපී පෙනෙන වෙස් මුහුණු, සහභාගිවන්නන්ගේ සිත් ඇද බැඳ ගත් අතර රටේ පෞරාණික කලාත්මක බව පිළිබඳ පිළිබිඹුවක් ලබා දුන්නේය.

මීට අමතරව, ජාතියේ ඇගයුමට ලක් වූ අපනයන දෙකක් වන කජු සහ ශ්‍රී ලංකා තේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කරන ලදී. ඒවායේ සුවිශේෂී ගුණාත්මක භාවය සහ විවිධ රසයන් සඳහා ප්‍රසිද්ධියට පත් වූ මෙම නිෂ්පාදන, ප්‍රදර්ශණයට සහභාගි වූවන්ගේ සැලකිය යුතු අවධානයක් සහ ඇගයීමක් ලබා ගත්තේය.

භෝජන සංග්‍රහයෙහි අනිවාර්ය අංගයක් ලෙස, ශ්‍රී ලංකාවේ පොහොසත් සූපශාස්ත්‍ර උරුමය සංකේතවත් කරන ශ්‍රී ලංකා කෑම වර්ග තුනක් වන "හැලප", "කට්ලට්" සහ "කොකිස්, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලබා දෙන ලදී.

ICWC2023 ප්‍රදර්ශනයේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට සාක්ෂියක් ලෙස කටයුතු කළේය. මෙම උත්සවය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සංස්කෘතික හුවමාරුව වර්ධනය කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට මෙමගින් මහඟු අවස්ථාවක් සැලසුණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලම්පූර්

2023 සැප්තැම්බර් 14

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close