බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරියට සේවා දිගුවක් හිමි වේ

 බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරියට සේවා දිගුවක් හිමි වේ

බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය වන මොනික් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස්,  බ්‍රසල්ස් හි තානාපතිනී ග්‍රේස් ආසිර්වතම් වෙතින් සිය සේවා දිගුව පිලිබඳ ලිපිය ලබා ගත්තාය.

මොනික් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස් 1997 ජූලි මාසයේදී ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය ලෙස ඇයගේ කීර්තිමත් ගමන ආරම්භ කළ අතර, ඇයගේ නොසැලෙන කැපවීම හේතුවෙන් ඇය වසර 26ක් පුරා මෙම තනතුරෙ හි සාර්ථකව සේවය කළාය. ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් 2005 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් "ශ්‍රී ලංකා රංජන" යන ජාතික නාමයෙන් ඇයට ගෞරව කරන ලදී.

ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය ලෙස මොනික් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස් කොන්සියුලර්  සංගමයේ සභාපතිනිය ලෙස විවිධ රටවල් නියෝජනය කරන බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරුන් එකසිය විස්සක් පමණ නියෝජනය කරමින් වැදගත් සේවාවක් ඉටු කරනු ලබයි.

ඇන්ට්වර්ප් යනු යුරෝපයේ ප්‍රධාන වරායන්ගෙන් එකක් පිහිටි බෙල්ජියමේ ආර්ථික බලාගාරයයි. බෙල්ජියම තුළ ඇන්ට්වර්ප් හි ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍යතාන්ත්‍රික වැදගත්කම සහ ශ්‍රී ලාංකික ප්‍රජාවක් එහි සංකේන්ද්‍රණය වීම මගින් එය ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාලය පිහිටුවීම සඳහා තීරණාත්මක ස්ථානයක් බවට පත් කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 සැප්තැම්බර් 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close