ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් Kids Corner විවෘත කෙරේ

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් Kids Corner විවෘත කෙරේ

ඊශ්‍රායල් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තානාපති කාර්යාලය වෙත කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සඳහා දෙමාපියන් සමඟ පැමිණෙන දරුවන්ට Kids Corner - දරුවන් සඳහා ම වූ විශේෂ ස්ථානයක් විවෘත කරන ලදී.

ටෙල් අවිව් සහ තදාසන්න ප්‍රදේශවල වෙසෙන කුඩා දරුවෝ මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ. මෙම ව්‍යාපෘතිය සඳහා ජෙරුසලමේ පදිංචි සංජීවනී ලලිත් පතිරාජ මහත්මියගේ සහයෝගය ලැබිණි.

Kids Corner හි අරමුණ වන්නේ දරුවන් ඵලදායීව හා නිර්මාණශීලීව චිත්‍ර, මැටි සහ ගොඩනැගීම් ‍ සහ කියවීම ආශ්‍රිත ක්‍රියාකාරකම්හි නිරත කරවීමයි. දරුවන් අතර ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත්භාවය සහ දැනුම ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල ප්‍රකාශන ඇතුළත් භාෂා කිහිපයකින් සම්පාදිත කියවීම් මූලාශ්‍ර එහිදී ලබා ගැනීමට සලස්වා  ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙල් අවිව්,

2023 අගෝස්තු 31

Print Friendly, PDF & Email
Please follow and like us:

Close