කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සඳහා  උගන්ඩා ක්‍රිකට් සංගමයේ සභාපති මයිකල් නුවගබා සමඟ එක් වෙයි

 කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සඳහා  උගන්ඩා ක්‍රිකට් සංගමයේ සභාපති මයිකල් නුවගබා සමඟ එක් වෙයි

ක්‍රීඩාව සතු එක්සත් කිරීමේ හැකියාව මනාව අවධාරණය කෙරෙන වැදගත් අවස්ථාවක, බොහෝ සෙයින් බලාපොරොත්තුව සිටි 2023 ලෝක කුසලාන තරඟාවලියේ  ICC කුසලාන සංචාරය ආරම්භ කිරීම සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තෙකු ලෙස උගන්ඩා ක්‍රිකට් සංගමයේ සභාපති මයිකල් නුවගබා විසින් කෙන්යාවේ මහ කොමසාරිස් කනා කනනාදන් මහතාට ආරාධනා කරන ලදී. සිත් සතන් ආකර්ෂණය කරන්නා වූ විවිධ ජාතීන්ගෙන් සමන්විත සංචාරයක් වන මෙම සුවිශේෂී සංචාරය එහි අපේක්ෂාවන් ඉක්මවා ‍ගොස් ඇත.

ඔක්තෝම්බර් 5 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සුවිශේෂී තරඟාවලියට මග පාදමින් 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සුවිශේෂී ගෝලීය ප්‍රවේශයක් ලෙස පෙනී සිටී.

ලොව පුරා සිටින බිලියනයකට අධික ක්‍රිකට් ලෝලීන්ගේ ආශාවන් උත්සුක කිරීම අරමුණු කරමින් මෙම සිදුවීම ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ප්‍රජාවන් සඳහා ආශ්වාදජනක බලවේගයක් ලෙස ක්‍රියා කරයි.

මහත් උද්‍යෝගයෙන් පවත්වන ලද මෙම ආරම්භක උත්සවය ගෝලීය වසංගතය විසින් ගෙන එන ලද කැලඹිලි සහිත කාලයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවේ හරය යළි ප්‍රාණවත් කිරීම සංකේතවත් කරයි.  මෙම ඒකරාශී වීම හරහා ලබා දුන් උද්වේගකර වාතාවරණය සමඟ, ක්‍රිකට් ප්‍රජාවන්ගේ නියෝජිතයෝ, ක්‍රීඩා ලෝලීහු සහ ප්‍රභූහු මෙම උත්කෘෂ්ට ගෝලීය සැමරීමට එක් වූහ.

ජාතීන් එක්සේසත් කරන්නා වූ පොදු වටිනාකම් සහ සීමා මායිම් ඉක්මවා යාමට ක්‍රීඩාවට ඇති හැකියාව පිළිබඳව මෙම උත්සවය සාක්ෂි දරන වන බව මෙහිදී අදහස් දැක්වූ කනනාදන් මහතා ප්‍රකාශ කළේය. “මෙය උගන්ඩාව, ශ්‍රී ලංකාව සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාව අතර සහයෝගීතාවය සහ සුහදත්වය වර්ධනය කිරීමේ පියවරක් වේවා!” එය ජීවිතයේ සෑම තරාතිරමකම මිනිසුන් අතර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ජනනය කෙරෙන සාමූහික ප්‍රීතිය, ප්‍රමෝදය සහ සමීපත්වය පිළිබඳ විචිත්‍රවත් සිහි කැඳවීමකි.

උගන්ඩා ක්‍රිකට් සංගමයේ විශේෂ ආරාධනයකට අනුව මහ කොමසාරිස් කනනාදන් ‍‍මහතා කම්පාලා හි පැවති කුසලාන තරඟ සංචාරයට එක් විය. මෙම සංකේතාත්මක සහභාගීත්වය මගින් එම ඉසව්වේ ජාත්‍යන්තර වැදගත්කම සහ ක්‍රිකට් ක්‍රීඩාව සතු එක්සත් කිරීමේ බලය ඉස්මතු කරයි.

 ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රයෝජනයට නොගත් හැකියාවන් සතු රටක් ලෙස බොහෝ විට හඳුන්වනු ලබන අප්‍රිකාව මෙවර කුසලාන සංචාරයේ ප්‍රධාන තැනක් ගනී. මෙම කීර්තිමත් උත්සවය සඳහා තෝරාගත් අප්‍රිකානු රටවල් කිහිපය අතරින් උගන්ඩාව, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව කැපී පෙනේ. ඔවුන්ගේ ඇතුළත් වීම ක්‍රීඩාවේ ගෝලීය භූ දර්ශනය තුළ අප්‍රිකානු මහාද්වීපය ඉටු කරන වැදගත් කාර්යභාරය ප්‍රදර්ශනය කරන අතර විවිධ සංස්කෘතීන්, භාෂා සහ සම්ප්‍රදායන්ගෙන් යුත් ජාතීන් එකමුතු කිරීමක් ලෙසද කටයුතු කරයි.

මහ කොමසාරිස්වරයා මෙම සුවිශේෂී අවස්ථාවට පැමිණීමෙන් දේශපාලන හා භූගෝලීය සීමාවන් ඉක්මවා ජාතීන් එකමුතු කිරීමේ බලවේගයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය වැදගත්කම යළිත් තහවුරු වන බව උගන්ඩාවේ ක්‍රිකට් සංගමයේ සභාපති නුවගබා මහතා පැවසුවේය.

‍මෙම කුසලාන සංචාරය විනෝදජනක සහ අමතක නොවන ලෝක කුසලානයක් සඳහා වේදිකාව සකස් කිරීමත් සමඟ, ක්‍රිකට් ලෝලීන්ට සහ ආධාරකරුවන්ට ඔවුන්ගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම අද‍හා ගත නොහැකි වනු ඇත. ලෝකයේ වඩාත්ම ආදරණීය ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රීතිමත් සැමරුමක් ලෙස ජාතීන්ගේ හදවත් සම්බන්ධ කරමින් ප්‍රීති ඝෝෂාවේ රාවය සැණෙකින් ක්‍රීඩාංගණ පුරවනු ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්

කෙන්යාව

2023 අගෝස්තු 31

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close