ශ්‍රී ලංකාව සඳහා මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා වශයෙන් ඇන්ඩෲ පැට්‍රික් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 අගෝස්තු 23 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අගෝස්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close