බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා ආහාරපාන ප්‍රවර්ධනය කරයි

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා ආහාරපාන ප්‍රවර්ධනය කරයි

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2023 අගෝස්තු 19 සෙනසුරාදා, Museu de Arte හි පැවති ආසියානු සහ ඕෂනියා රටවල වාර්ෂික වෙළඳපොලෙහි දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාරපාන සහ තේ ප්‍රවර්ධනය කළේය.

අරාබි ලීගය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, පලස්තීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සිරියාව සහ වියට්නාමය යන රටවල රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල මෙම අවස්ථාවට සහභාගී විය.

අත්කම්, නිෂ්පාදන, ලංකා තේ, ශ්‍රී ලාංකික ආහාරපාන වර්ග හා දර්ශනීය පින්තූර ඇතුළු සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අයිතමයන්ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය වර්ණවත්ව සරසා තිබුණි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ පෘතුගීසි භාෂාවෙන් ලියැවුන අත් පත්‍රිකා වෙළඳපොල නැරඹීමට පැමිණි සංචාරකයින් 3000ක් අතර බෙදාහරින ලදී. ශ්‍රී ලංකාවේ ආහාරපාන රස විඳීමට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි පිරිස් දිගු පෝලිමක පෙළ ගැසී සිටියහ. සිලෝන් තේ කෝප්පයක රස බැලීමටද ඔවුන්ට අවස්ථාව උදාවිය.

සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ දර්ශන නැරඹීමෙන් සහ එම ස්ථානයේ විශාල ඩිජිටල් තිරය මත ක්‍රමික කාල පරාසයන් තුළ තිරගත වූ උඩරට නර්තන ඉදිරිපත් කිරීම් වලින් පැමිණ සිටි පිරිස් විශ්මයට පත් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

23 අගෝස්තු 2023

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close