මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක්  ශ්‍රී ලංකාවට පැමිණේ

මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක්  ශ්‍රී ලංකාවට පැමිණේ

2023 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 01 දක්වා මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම දූත පිරිසට මියන්මාරයේ පූජනීය ශ්වෙදගොන් චෛත්‍යයේ භාරකරුවන් ඇතුළත් වේ.

මෙම නියෝජිත පිරිස‍, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ආරාධනයෙන් අගෝස්තු 21 සිට 30 දක්වා පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට නියමිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, හබරණ සහ කොළඹ යන ප්‍රදේශවල සංචාරය කරනු ඇත.

දෙරට අතර දීර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සබඳතාව ශක්තිමත් කිරීමේ අරමුණින් තානාපති ජනක බණ්ඩාර මහතා සහ යැංගෝන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම සංචාරය සාර්ථකව සම්බන්ධීකරණය කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැංගොන්

2023 අගෝස්තු 23

Print Friendly, PDF & Email
Please follow and like us:

Close