තානාපති විශ්වනාත් අපොන්සු මහතා අයෝරා සංවිධානයෙහි (IORA) ටෙහෙරානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණය සඳහා වන කලාපීය හුවමාරු මධ්‍යස්ථානයේ (RCSTT) සංචාරයක නිරත වීම

 තානාපති විශ්වනාත් අපොන්සු මහතා අයෝරා සංවිධානයෙහි (IORA) ටෙහෙරානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණය සඳහා වන කලාපීය හුවමාරු මධ්‍යස්ථානයේ (RCSTT) සංචාරයක නිරත වීම

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මහතා 2023 අ‌ගෝස්තු 09 වන දින ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයෙහි (IORA) ටෙහෙරානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණය සඳහා වන කලාපීය හුවමාරු මධ්‍යස්ථානයේ (RCSTT) සංචාරයක නිරත වූ අතර එහිදී අයෝරා සංවිධානයේ RCSTT හි ප්‍රධානී සහ අධ්‍යක්ෂ, ආචාර්ය මොහොමඩ් රෙසා සන්ජාබි, විද්‍යා, පර්යේෂණ සහ තාක්ෂණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සහ විද්‍යා හා තාක්ෂණය සඳහා වන ඉරාන පර්යේෂණ සංවිධානයේ (IROST) සභාපති මහාචාර්ය හසන් සමානියන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (බහුපාර්ශ්වික ආර්ථික සහයෝගීතා) බෙහ්සාඩ් අසාරා, IROST හි ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යක්ෂ ආචාර්ය අන්වර් ෂල්මාෂි සමග අවබෝධාත්මක  සාකච්ඡාවක් පැවැත්විණ. සම්භාවනීය ආරාධිත අමුත්තන් පිළිගනිමින්, RCSTT හි ප්‍රධානී, මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ කාර්යභාරයන්, වෙනත් ආයතන සමඟ හවුල්කාරිත්වය, මධ්‍යස්ථානයේ මෑත කාලීන නවෝත්පාදන, ක්‍රියාකාරකම් හා RCSTT හි ඉදිරියේදී එළඹීමට නියමිත විශේෂ අවස්ථා සහ ශ්‍රී ලංකාව සමග ආයතනික සබඳතා ශක්තිමත් කිරීමට ඔහුගේ සූදානම පිළිබඳව විස්තර කළේය.

තානාපතිවරයාගේ අයෝරා සංවිධානයේ RCSTT සංචාරය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා විසින් මෑත දී සිදු කරන ලද ඉරාන නිල සංචාරයේ ප්‍රථිපලයක් ලෙස සිදුවූ පසු විපරමක් වූ අතර අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර දී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මැතිතුමා ශ්‍රී ලංකාව සමඟ ඔහුගේ රටේ හැකියාවන් බෙදා ගැනීම සඳහා එකඟ වූයේය. විද්‍යා සහයෝගිතාවයේ සංවර්ධනය දිරිමත් කිරීම සහ අයෝරා සංවිධාන රාමුව තුල දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වන ශ්‍රී ලංකාව සහ ඉරානය අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන සහයෝගිතාව දිරිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කරන ලදී.

රැස්වීම අතරතුර, තානාපති විශ්වනාත් අපොන්සු මහතා, ව්‍යවහාරික පර්යේෂණ, ප්‍රතිපත්ති සහ මානව සම්පත් සංවර්ධන වැඩසටහන්, නව තාක්ෂණයන් හි සංවර්ධනය, ඒකාබද්ධ සහයෝගීතාවය හා එහි සාමාජිකයින් සහ අනෙකුත් හවුල්කරුවන් අතර තාක්ෂණ හුවමාරුව සඳහා අයෝරා සංවිධානයෙහි සාමාජික රටවලට සහාය දැක්වීමෙහි ලා RCSTT හි කාර්යභාරයේ වැදගත්කම අගය කළේය. විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් අයෝරා සංවිධානයෙහි සාමාජික රටවල් අතර හුවමාරු කිරීම සඳහා RCSTT හි සහයෝගීතාවය තවදුරටත් ලබා ගැනීම හා ඒ සඳහා පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකානු තානාපතිවරයා අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගීතාව සහ සහාය මධ්‍යස්ථානයට ලබා දෙන බවට සහතික කළේය.

2023 ඔක්තෝබර් 9 සිට 10 දක්වා ‍‍පැවැත්වෙන 25 වන වාර්ෂික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීමෙන් පසුව, 'කලාපීය ගෘහ නිර්මාණ ශිල්පය ශක්තිමත් කිරීම: ඉන්දියානු සාගර අනන්‍යතාව යළි සවි ගැන්වීම’   යන තේමාව යටතේ 2023 ඔක්තෝබර් 11 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත 23 වන අයෝරා අමාත්‍ය කවුන්සිල රැස්වීමට  සත්කාරකත්වය දැරීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව තානාපතිවරයා දන්වා සිටියේය. ශ්‍රී ලංකාව 2023 ඔක්තෝබර් මාසයේදී අයෝරා සංවිධානයෙ‍හි 2023-2025 හි සභාපතිත්වය භාර ගන්නා බව ප්‍රකාශ කළ ඔහු කලාපීය සහයෝගීතාවය සහ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා අයෝරා සංවිධානයෙ‍් ඉදිරි සභාපතිත්වයේ කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමට RCSTT ඇතුළු ඉරානයේ සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා දෙකක් ලෙස දේශගුණික විපර්යාස සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ගැටලු තානාපති අපොන්සු මහතා අවධාරණය කළ අතර ශ්‍රී ලංකාව සහ RCSTT අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු උනන්දුව පළකර සිටියේය. තවද, මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක, පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අදාළ පරිදි ප්‍රයෝජනවත් සහ ඵලදායි සහයෝගීතාවයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇති කිරීම මූලික වශයෙන් සලකා බලන ලදී. IROST සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව ගොඩනැගීමට ඇති හැකියාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඉරාන ඉස්ලාමීය ජනරජය සහ මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාවට ලැබෙන සහයෝගය තහවුරු කරමින් RCSTT ප්‍රධානියා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ආයෝරා සභාපතිත්වය යටතේ, ටෙහෙරානයේ  ශ්‍රී ලංකා තානාපතිවරයා RCSTT හි උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වන බවත්, අයෝරා සංවිධානයෙ‍හි RCSTT හි අවධානයට ලක්වන විශේෂ කරුණු පිළිබඳ වාර්ෂික රැස්වීම් සඳහා සත්කාරකත්වය දැක්වීම,  RCSTT හි ද්වි-වාර්ෂික සහ කාලාන්තර රැස්වීම්වල සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සහ ඉරානයේ අනෙකුත් අයෝරා සංවිධානය හා සම්බන්ධ විශේෂ අවස්ථා සඳහා සහාය ලබා දීම යන කාර්යයන් හි ලා සභාපතිවරයාට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇති බවයි. මේ සම්බන්ධයෙන්, තානාපතිවරයා, RCSTT කාර්යාලයෙහි අධ්‍යක්ෂ, ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විද්‍යා, පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අනෙකුත් හවුල්කරුවන්ගෙන් සහාය ඉල්ලා සිටියේය.

මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් තානාපතිවරයා සඳහා RCSTT කාර්යාල සංකීර්ණය වෙත ස්ථානීය සංචාරයක් සංවිධානය කරන ලද අතර, තානාපතිවරයා සමඟ සිදුකළ ඵලදායී හමුව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය. අයෝරා සංවිධානයෙ‍හි විශේෂිත නියෝජිතායතනයේ මෙහෙවර, ඉලක්ක සහ ක්‍රියාකාරකම් පිළිබඳව වඩාත් හොඳින් හඳුනා ගැනීමට මෙම සංචාරය මගින් අවකාශය සැලසුණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2023 අගෝස්තු 14

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close