ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක වේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක වේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා දකුණු පැසිෆික් කලාපයේ නිරත වන සංචාරයෙන් අනතුරුව, එනම් 2023 ජූලි 28 වැනි දින, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. මෙම ඓතිහාසික සංචාරය ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණෙන පළමු ඓතිහාසික අවස්ථාව බවට පත් වේ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 75 වසරක් සපිරෙන සංවත්සරය හමුවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙදෙනා නිල සාකච්ඡා අතරතුර අවධානය යොමු කරනු ඇත. ගෝලීය, ආර්ථික සහ දේශපාලන කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරේ.

යුරෝපය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍ය කැතරින් කොලොනා මැතිනිය සහ ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් ද ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close