ශ්‍රී ලංකාව සඳහා කොරියානු ජනරජයේ තානාපතිනිය පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා කොරියානු ජනරජයේ තානාපතිනිය පත් කිරීම

කොරියානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින කොරියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ලී මියොන් මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close