ශ්‍රී ලංකාව සඳහා ග්‍රීසියේ හෙලනික් ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ග්‍රීසියේ හෙලනික් ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

 හෙලනික් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින හෙලනික් ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් දිමිත්‍රියොස් ඉයනූ මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close