බ්‍රසීලය ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

බ්‍රසීලය ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

බ්‍රසීලයේ ෆෙඩරල් ජනරජය බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය (ABC) හරහා සාමාන්‍ය මිනිස් ඉන්සියුලින් (Regular Human Insulin) සහිත කුඩා බෝතල් 10,000 ක් සහ පොලිප්‍රොපිලීන් තුඩු (Polypropylene Tips) මිලියන 08 ක් ඇතුළු වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2023 මැයි 17 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කැනේස් මැතිතුමා හරහා මෙම වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගය භාරගත්තේ ය.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව අවධාරණය කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා, මෙම පරිත්‍යාගය හරහා බ්‍රසීල රජය පළ කළ සුහදත්වය අගය කළේ ය.

 විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය හා සබැඳි කටයුතු සම්බන්ධීකරණය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close