විමසීම් සඳහා විශේෂ වේලාවක්

විමසීම් සඳහා විශේෂ වේලාවක්

ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, සැන් මරීනෝ, ඇල්බේනියාව සහ මෝල්ටාව යන රටවල සිටින ශ්‍රී ලාංකිකයන් දුරකථනය ඔස්සේ යොමු කරන විමසීම් කාර්යක්ෂමව හැසිරවීමට සහ සන්නිවේදනය කිරීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “ විමසීම් සඳහා විශේෂ වේලාවක්” නමැති වැඩසටහන ක්‍රියාත්මක කළේ ය.

මෙම වැඩසටහන 2023 මැයි 12 වැනි සිකුරාදා දින සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, සෑම සිකුරාදා දිනකම (කාර්යාල දින) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ප.ව. 2.00 - ප.ව. 5.00 දක්වා කාලය තුළ විශේෂිත දුරකථන මාර්ගයක් ඔස්සේ විමසීම් යොමු කළ හැකි ය.

තවද, මෙම පහසුකම ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින් සිටී නම්, තානාපති කාර්යාලයට එවැනි පුද්ගලයින් කඩිනමින් සම්බන්ධ කරගැනීමට හැකි වන පරිදි,  ඔවුන්ගේ තොරතුරු (නම සහ දුරකථන අංකය), අවශ්‍යතා සහ අදාළ ලිපි ලේඛනවල පිටපත් consular.rome@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය වෙත එවන ලෙස තානාපති කාර්යාලය දන්වා සිටියි.

එමෙන්ම, තානාපති කාර්යාලය සිය වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා ඉහත වැඩසටහන පිළිබඳව මහජනතාව දැනුම්වත් කර ඇත.

 තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය තුළ කැපවීමෙන් කටයුතු කරන නිලධාරිනියක් මෙම වැඩසටහන යටතේ ලද පළමු ඇමතුම සඳහා ප්‍රතිචාර දැක්වූවා ය. දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී රත්නසිංහම් කොහුලරංගන් මහතා  ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2023 මැයි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close