ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ (UBL) විද්‍යාර්ථීහු ශ්‍රී ලාංකික අවුරුදු ක්‍රීඩාවල නිරත වෙති

ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ (UBL) විද්‍යාර්ථීහු ශ්‍රී ලාංකික අවුරුදු ක්‍රීඩාවල නිරත වෙති

ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා 2023 මැයි 10 වැනි දින ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ අධ්‍යයන චාරිකාවක නිරත වූහ.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා සිය ඉදිරිපත් කිරීම අතරතුර,  ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තත්ත්වය, දෙරටේ සංස්කෘතික සමානකම් ඇතුළුව ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික සබඳතා සහ වත්මන් සබඳතා, ඉන්දුනීසියාව සංවිධානය කළ පළමු බැන්ඩුන්ග් සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ ආාකාරය සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යයන් යනාදී කරුණු පිළිබඳව අදහස් දැක්වී ය.

Magicbits (පුද්) සමාගමේ සම-නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී මිගාර අමිතෝධන මහතා සිය සමාගමේ STEM අධ්‍යාපනික නිෂ්පාදනයක් වන "Magicbit" පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළේ ය. යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ  විද්‍යාර්ථීහු "අලියා මත ඇස තැබීම", "හැන්ද මත දෙහි ගෙඩිය තබා දිවීම" ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසක් සඳහා ද සහභාගී වූහ. තවද ඔවුහු ශ්‍රී ලංකාව පිළිබඳව දැනගැනීමට සහ එහි සංස්කෘතිය අත්විඳීමට දැඩි කැමැත්තක් දැක්වූ හ.

යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් නුදුරු අනාගතයේ දී මෙරට සංචාරයක නිරත වනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

 2023 මැයි 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close