ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවති “Geoffrey Bawa: It is Essential To be There” නමැති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණේ

ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවති “Geoffrey Bawa: It is Essential To be There” නමැති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණේ

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ දිවංගත ජෙෆ්රි බාවාගේ නිර්මාණ රැගත්, නවදිල්ලි නුවර ජාතික නූතන කලාගාරය තුළ සති හතක් මුළුල්ලේ පැවති Geoffrey Bawa: It is Essential To be there” නමැති ඓතිහාසිකමය වැදගත්කමකින් යුත් ප්‍රදර්ශනය, 2023 මැයි 07 වැනි දින අවසන් කෙරිණි.

ජාතික නූතන කලාගාරයේ වාර්තාවලට අනුව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා විසින් මාර්තු 17 වැනි දින මෙම ප්‍රදර්ශනය විවෘත කරනු ලැබූ දින සිට එය අවසන් කළ දින දක්වා 28,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ ඇත.

නවදිල්ලියේ ජාතික නූතන කලාගාරය, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ජෙෆ්රි බාවා භාරකාරත්ව සංගමය, ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේ ය.

බාවා ලේඛනාගාරයේ කලා කෘති 120 කට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබූ අතර, බාවා විසින් සම්පූර්ණ නොකරන ලද නිර්මාණ කිහිපයක් සහ එතුමා නිරත වූ චාරිකා අතරතුර ලබා ගත් ඡායාරූප ද මීට ඇතුළත් විය. බාවාගේ නිර්මාණකරණය තුළ අදහස්, චිත්‍ර, ගොඩනැගිලි සහ ස්ථාන අතර පවතින සම්බන්ධතාව සහ රූප භාවිතා කළ විවිධ ආකාර මෙහිදී ගවේෂණය කෙරිණි.

ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජෙෆ්රි බාවාගේ නිර්මාණ පරිචය පිළිබඳව ගවේෂණය කිරීම සඳහා පැවැත්වූ ප්‍රථම ප්‍රධාන ප්‍රදර්ශනය වන Geoffrey Bawa: It is Essential To be There ප්‍රදර්ශනය, 2004 වසරේ පටන් ජාත්‍යන්තර තලය තුළ ප්‍රදර්ශනයට ලක් කෙරෙන බාවාගේ කලා කෘතීන් රැගත් ප්‍රථම අතීතාවලෝකන ප්‍රදර්ශනය වේ. මීට පෙර එතුමාගේ නිර්මාණ ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය, සිංගප්පූරුව සහ ජර්මනිය යන රටවල විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇත.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 මැයි 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close