ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීම

ප්‍රංශ – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීම

ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ ප්‍රථම රැස්වීම, ප්‍රංශ ප්‍රජාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සුබ පතන්නන්ගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් 03 වැනි දින පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

මීට සහභාගී වූ පිරිස  පිළිගත් තානාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිනිය, දෙරට අතර මිත්‍රශීලී, සමාජීය, සංස්කෘතික හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළා ය.

ප්‍රංශ ප්‍රජාව නියෝජනය කළ මායා සිටින්ග් මහත්මියගේ සහය ලබා ගත් තානාපති කාර්යාලය, ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ කටයුතු ඇරඹී ය. මෙහිදී සිය අදහස් පළ කළ සිටින්ග් මහත්මිය, සංගමයේ සාර්ථකත්වය සහ දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහා, කුඩා - මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, රාජ්‍ය නොවන සංවිධාන සහ සංගමයේ අරමුණු සම්බන්ධයෙන් පොදු උනන්දුවක් සහිත පුද්ගලයන් සහ සිසුන් සඳහා සාමාජිකත්වය ලබා දීම සංගමයේ අරමුණ වන බව සඳහන් කළා ය.

ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයක් පවත්වාගෙන යාමේ වැදගත්කම, මීට සහභාගී වූ බොහෝ පිරිසකගේ පැසසුමට ලක් වූ අතර, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ආර්ථික හා ව්‍යාපාරික සබඳතා වැඩිදියුණු කිරීමට මෙන්ම ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංගමය උපකාරී වනු ඇතැයි ද ඔවුහු විශ්වාස කළහ.

මෙම සංගමයේ නිලධාරී මණ්ඩලය මීළඟ රැස්වීම් වාරයේ දී පත් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසිය

2022 නොවැම්බර් 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close