ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා ඉල්ලීමක් යොමු කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරමින් මැලේසියානු රජය සිය සුහදතාවය පළ කළේ ය.
මෙම ඖෂධ තොගය සංකේතාත්මකව භාරදීම සඳහා 2022 ඔක්තෝම්බර් 31 වැනි දින මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයක් අතරතුර, මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුද්දීන් මැතිතුමා එම පරිත්‍යාගය (ඇමරිකානු ඩොලර් 63,100 ක වටිනාකමින් යුත් වෛද්‍ය සැපයුම් තොගයකි) මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මැතිතුමා වෙත සංකේතාත්මකව භාර දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම පරිත්‍යාගය කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව ගුවන් මඟින් මෙරටට එවීමට එකඟ වූ අතර, එම සැපයුම් තොගය 2022 ඔක්තෝම්බර් 29 වැනි දින ක්වාලාලම්පූර් සිට කොළඹ බලා පිටත් වූ UL 319 දරන ගුවන් යානය මඟින් මෙරටට එවන ලදී.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ක්වාලා ලාම්පූර්
2022 නොවැම්බර් 01 වැනි දින