ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහයට සහභාගී වේ

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහයට සහභාගී වේ

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක්, එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදය (UNWG) 2022 සැප්තැම්බර් 22 වැනි දින සංවිධානය කළ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහයට සහභාගී විය.

මෙම දිවා භෝජන සංග්‍රහයවියානා හි පිහිටි තානාපති කාර්යාල සහ නිත්‍ය දූත මණ්ඩල 22 ක පමණ සහභාගීත්වයෙන් වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ ළමා පුණ්‍යාධාර වැඩසටහන 2023 සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම අරමුදල් රැස් කිරීමේ දිවා භෝජන සංග්‍රහයට විශාල පිරිසක් සහභාගී විය. 1967 වසරේ දී පිහිටුවන ලදඑක්සත් ජාතීන්ගේ කාන්තා සංසදය ලොව පුරා සිටින අවශ්‍යතා සහිත දරුවන්ට මෙන්ම,මාතෘ-ළමා ආරක්ෂණ වැඩසටහන් සඳහා දසිය සහය ලබා දෙයි.

මෙම දිවා භෝජන සංග්‍රහය මගින් ශ්‍රී ලංකාවේ ගමනාන්ත, සූපවේදය සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් හිමි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 ඔක්තෝබර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close