ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කෙරේ

 ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කෙරේ

තුර්කියේ ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ගසියන්ටෙප් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගසියන්ටෙප්ආණ්ඩුකාර බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ගසියන්ටෙප්මහ නගර සභාවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2022 අගෝස්තු 22වැනි දින නිල වශයෙන් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාවයේ ශක්‍යතා ක්ෂේත්‍ර රැසක් ගසියන්ටෙප් නගරය තුළ පවතින බැවින්, ඉතිහාසය පුරා විවිධ ශිෂ්ටාචාරවල නිවහන බවට පත්වූ ඓතිහාසික ගසියන්ටෙප් නගරය තුළනිර්වේතනික කොන්සල් කාර්යාලයක් පිහිටුවීම හරහා ගසියන්ටෙප් හි ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව සහ නිලධාරීන් සමඟ පවතින සබඳතා තවදුරටත් වැඩිදියුණු වන බවතානාපති හසන් මැතිතුමා සිය දේශනය අතරතුර සඳහන් කළේ ය.

ගසියන්ටෙප්කලාපය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටත් නව වෙළඳ අවස්ථා, සංචාරක සහ ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීමට කැපවන බවටත් සහතික වූ ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල් සුලෙයිමාන් සිසෙක්මහතාගේ පත්වීමේ ලිපිය තානාපතිවරයා විසින් නිල වශයෙන් භාර දෙන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

අගෝස්තු 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close