“ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳව ටෙහෙරාන් නුවර පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහන

 “ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳව ටෙහෙරාන් නුවර පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහන

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ එක්ව,“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ  ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහනක් 2022 ජූනි 27වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේදී සංවිධානය කළේය. වාණිජ මණ්ඩල නියෝජිතයන්, ප්‍රධාන ආයෝජකයන්, ප්‍රමුඛ ව්‍යාපාරිකයන්, ප්‍රමුඛ සංචාරක  නියෝජිතයන් සහ සංචාරක ක්‍රියාකරුවන්, ගුවන්සේවා නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ අනෙකුත් ආරාධිතයින් ඇතුළු ආරාධිතයින් 50 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ. මෙම වැඩසටහනේ අරමුණ වූයේ“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්”පිළිබඳව පැමිණ සිටි අමුත්තන් දැනුම්වත් කිරීම යි.

සිය ආරම්භක දේශනය තුළින් අදහස් පළ කළ ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති විපුල තේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා, ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව වෙත සාදරයෙන් පිළිගන්නා බවත්, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයන බවත් සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව පිරිනමන ආයෝජන සහ විවිධ සංචාරක අවස්ථා පිළිබඳවද එතුමා මෙහිදී අවධාරණය කළේය. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ  වීසා බලාධිකාරය ලිහිල්කිරීම තුළින් ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා රජය සිය අවධානය යොමුකොට ඇතිබව ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය. විදේශීය ආයෝජකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිගොඩනැගීමට උපකාරීවනුඇත.

ශ්‍රී ලංකාවේ වීසා පහසුකම් පිළිබඳව සිදුකළ සවිස්තරාත්මක ඉදිරිපත්කිරීම අතරතුර සිය අදහස් පළ කළ තානාපතිවරයා, උනන්දුවක් දක්වන විදේශීය ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට, වාසය කිරීමට සහ අධ්‍යාපනය ලැබීම සඳහා “ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය” ශ්‍රී ලංකාව මෑතක දී ආරම්භ කළ බව සඳහන්  කළේ ය.“ගෝල්ඩන් පැරඩයිස් වීසා වැඩසටහන” යනු වීසා යෝජනා ක්‍රමය යටතේ ආයෝජකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභ භුක්තිවිඳීම සඳහා සකසන ලද දිගුකාලීන නේවාසික වීසා යෝජනාක්‍රමයක් බව එතුමා අවධාරණයකළේය.

අන්තර් ක්‍රියාකාරී සැසිය අතරතුර සිය අදහස් පළ කළ තානාපතිවරයා, මානුෂීය වෙළඳාමේ නිරතව සිටින ඉරාන ව්‍යාපාරික හවුල්කරුවන්ට “ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” සහ අනෙකුත් වීසා පහසුකම් උපයෝගී කරගනිමින් ඉරානය සහ බටහිර ආසියාවෙන් ඔබ්බට ගොස්, එනම් දකුණු ආසියාවට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙත සිය ව්‍යාපාරික කටයුතු ගෙනයාහැකිබව සඳහන් කළේය. ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් රඳවා තබාගැනීමට සහය දැක්වීම සම්බන්ධයෙන් ඉරාන සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ට ද එතුමා  සිය ස්තූතිය පුදකළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වීසා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවන ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයා තමන් වෙත යොමුකළ ආරාධනය පිළිබඳව ස්තුතිය පළකළ ඉරානයේ ප්‍රකට ආයෝජකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන අලිරේසා බාදෙයි මහතා, උනන්දුවක් දක්වන ආයෝජකයන්ට සහ සංචාරකයන්ට තම ගැටළු සහ බාධා නිරාකරණය කරගැනීමට මෙමගින් අවස්ථාව උදා වූ බව සඳහන් කළේ ය. තවද, සහභාගී වූ සියලුම දෙනා වෙනුවෙන් සිය අදහස් පළ කළ එතුමා, ශ්‍රී ලංකාවේ වීසා ලිබරල්කරණ බලාධිකාරිය ඉරානයේ අදාළ අංශ අතර ව්‍යාප්ත  කරන අතරතුර ගෝල්ඩන් පැරඩයිස් වීසා භාවිතාකිරීමට ඔවුන් දිරිමත් කිරීමට ද සහතික විය.

“ආසියාවේ හොඳම ගමනාන්තය” නම් වාර්තා චිත්‍රපටයක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, සහභාගිවන්නන්ට ඉහල පෙළේ තේපානයකින් සංග්‍රහකරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2022 ජූලි 0​6 වැනි දි

Print Friendly, PDF & Email
Please follow and like us:

Close