2022.06.13 වන විශේෂ නිවාඩු දින කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සේවා

2022.06.13 වන විශේෂ නිවාඩු දින කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සේවා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන බැවින්, කොන්සියුලර් කටයුතු අංශය 2022 ජූනි 13 වැනි සඳුදා දින පෙ.ව. 7.30 සිට පස්වරු 4.30 දක්වා අත්‍යවශ්‍ය කයටුතු සඳහා  පමණක් විවෘතව පවතිනු ඇත. 2022.06.10 දිනැති අංක 13/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ උපදෙස් අනුව, 2022.06.13 දින රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

පොසොන් පොහොය නිමිත්තෙන් කොන්සියුලර් කටයුතු අංශය 2022 ජූනි 14 වැනි අඟහරුවාදා දින වසා තැබෙන අතර, සාමාන්‍ය කටයුතු සඳහා එය 2022 ජූනි 15 වැනි බදාදා දින විවෘත කරනු ලැබේ.

ඊට සමගාමීව යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල 2022 ජූනි 13 වැනි සඳුදා දින සීමිත සේවා සඳහා විවෘත කෙරේ.

තම අවශ්‍යතා සම්බන්ධයෙන් සේවා ලබාගැනීමේ හැකියාව  පිළිබඳව විමසීම සඳහා සේවා අපේක්ෂකයන්ට පහත සඳහන් දූරකතන අංක සමඟ සම්බන්ධ විය හැකි ය.

  • කොන්සියුලර් කටයුතු අංශය           - කොළඹ         0112 338 812 / 0112 338 843
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - යාපනය          0212 215 970
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මාතර             0412 226 697
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මහනුවර         0812 384 410
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - ත්‍රිකුණාමලය   0262 223 182
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - කුරුණෑගල    0372 225 941

විදේශ කටයුුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close