ශ්‍රී ලංකාවේ නාට්‍ය නිර්මාණයක් වන " Love and Lockdown" නාට්‍ය 23 වැනි Sabancı Adana  ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී වේදිකාගත කෙරේ

ශ්‍රී ලංකාවේ නාට්‍ය නිර්මාණයක් වන ” Love and Lockdown” නාට්‍ය 23 වැනි Sabancı Adana  ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී වේදිකාගත කෙරේ

තුර්කියේ රාජ්‍ය නෘත්‍ය කලා රඟහලේ අධ්‍යක්ෂ මණ්ඩල ජනරාල්වරයාගේ ඇරයුමකට අනුව, ශ්‍රී ලංකාවේ ඉන්ටර් ඇක්ට් නෘත්‍ය කලා ආයතනය (Act Art Theatre Institute) සිය වේදිකා නාට්‍යය (ඒකල නාට්‍ය) වන, “Love &  Lockdown” නාට්‍ය 2022 අප්‍රේල් 19 සහ 20 යන දිනවල 23 වැනි Sabancı Adana ජාත්‍යන්තර නාට්‍ය උළෙල දී වේදිකා ගත කළේ ය. Sabancı Adana ජාත්‍යන්තර නාට්‍ය උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික නාට්‍ය කණ්ඩායමකට ඇරයුම් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, තුර්කියේ ප්‍රදර්ශනය කරන ලද පළමු ශ්‍රී ලාංකික වේදිකා නාට්‍යය වන්නේ ද මෙය යි.

මෙම වේදිකා නාට්‍යයේ (ඒකල නාට්‍ය) සමාරම්භක ඉදිරිපත් කිරීම අප්‍රේල් 19 වැනි දින පැවති අතර,  අදානා හි රාජ්‍ය නෘත්‍ය කලා රඟහලේ අධ්‍යක්ෂ එම්රා කෙස්කින් මහතා සහ සංවිධායක කමිටු සාමාජිකයන් සමඟ තානාපති රිස්වි හසන් මැතිතුමා ද ඊට සහභාගී විය. ප්‍රසාද් වික්‍රමරත්න මහතා විසින් රචනය කරන ලද එම්. සෆීර් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඒකල නාට්‍යය සහ ඒක පුද්ගල නාට්‍ය කණ්ඩායමේ රංගනය අදානා හි රාජ්‍ය නෘත්‍ය කලා රඟහලේ අධ්‍යක්ෂ එම්රා කෙස්කින් මහතාගේ සහ සංවිධායක කමිටුවේ පැසසුමට ලක් විය. නිපුණතා පූර්ණ නිළියක වන සුබුද්ධි ලක්මාලි මහත්මියගේ ඒක පුද්ගල රංගනය තුර්කි ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර විය.

ශ්‍රී ලංකාව වෙත යොමු කළ ඇරයුම සහ තම කණ්ඩායම වෙනුවෙන් පිරිනැමූ ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නාට්‍ය කණ්ඩායම තුර්කියේ රාජ්‍ය නෘත්‍ය කලා රඟහලේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට, අනුග්‍රාහකයන්ට සහ සංවිධායකයන්ට සිය ස්තුතිය පුද කළහ.

ප්‍රේමය සහ හුදෙකලාව තේමාව වූ ‘Love and Lockdown’ වේදිකා නාට්‍ය මගින් ප්‍රේමය, හුදෙකලාව, ප්‍රියයන්ගෙන් වෙන්වීම, සතුට සහ වේදනාව අතර පවත්නා අත්‍යන්ත සම්බන්ධය නාට්‍යමය වශයෙන් නිරූපණය කෙරේ. 2021 දෙසැම්බර් මස නිෂ්පාදනය කෙරුණු ‘Love and Lockdown’ නාට්‍ය, ඉන්ටර් ඇක්ට් නෘත්‍ය කලා ආයතනයේ පළමු ජාත්‍යන්තර නාට්‍යය යි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 අප්‍රේල් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close