වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා නව නිර්වේතනික කොන්සල්වරියක් පත්කිරීම

වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා නව නිර්වේතනික කොන්සල්වරියක් පත්කිරීම

වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය වශයෙන් ෂර්ලිමාගරිට් හොප්මන්-අලුවිහාරේ මහත්මිය, ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලදි. එතුමිය 2022 මාර්තු 23 වැනි දින හැනෝයි හිදී, වියට්නාම සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෆම් හොවැන්ග් තුන් මහතා වෙතින් සිය කොන්සල් වරම ලබාගත්තාය.

හොප්මන්-අලුවිහාරේ මහත්මිය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. එතුමිය වෝකර්ස්ටුවර්ස්, ඩෙල්මේජ්ගෲප් යනාදී සමාගම්වල ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති අතර, සංචාර සහ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සුවිශේෂී පළපුරුද්දක් දලබා ඇත. එතුමිය 2008 වර්ෂයේ සිට හෝ චි මින් නගරයේ වාසය කරන අතර,තායිලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ හවුල්කාර කාර්යාල සහිත, වියට්නාමයේ ගෝලීය ජාලකරණ සහ මූලාශ්‍ර සමාගමක් වන නෙට්ග්ලෝ සොලියුෂන්ස් ලිමිටඩ් (NetGlo Solutions Limited) හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. නෙට්ග්ලෝ සමාගම වියට්නාමයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (VCCI) සාමාජිකයෙකි.

හෝ චි මින් නගරය වියට්නාමයේ වාණිජ අගනුවර වේ. එබැවින් වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන, පුද්ගලාන්තර සබඳතා යනාදිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයෙකු මෙම නගරය තුළ සේවය කිරීම ඉතා වැදගත් වේ.මෙම කාලෝචිත පත් කිරීම, ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරනු ලබන ප්‍රවර්ධන කටයුතු තීව්‍ර කිරීමට හේතු වන අතර, හෝ චි මින් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට නව නිර්වේතනික කොන්සල්වරිය හරහා සිය මූලික කොන්සියුලර් සේවාවන් ලබාගැනීමට හැකිවනු ඇත.

දෙවැනි ලේකම් (වාණිජ) ප්‍රසාදි බූමවලගේ මෙනවිය සහ හැනෝයි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පරිවාරක ක්‍රිෂාන්ති රාමනායක මෙනවිය යනාදීහු ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම උත්සවය සඳහා සහභාගීවූහ. වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණයකු වන ගුයෙන් ටාන් හුවොන්ග් මෙනවිය, මෙම උත්සවය අතරතුර තුන් මහතාට සහය වූවා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වියට්නාමය

2022 මාර්තු 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close