විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා යාපනයේ “යුක්තිය සඳහා ප්‍රවේශය” ජංගම සේවයේ දී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා යාපනයේ “යුක්තිය සඳහා ප්‍රවේශය” ජංගම සේවයේ දී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

මේ වසර මුලදී යාපනයේ පැවති විශේෂ ජංගම සේවයකදී යාපනයේ ජනතාව විසින් අමාත්‍යවරුන් දෙපලගේ අවධානයට යොමු කරන ලද කරුණු පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මැතිතුමා සහභාගී වූ රැස්වීමක් 2022 මාර්තු 21 වැනි දින පැවැත්විණි.

මෙම රැස්වීම අතරතුර දී, වනජීවී අභයභූමි මායිම්, යාපනයේ වෙරළ සංරක්ෂණය, පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම සඳහා අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම, මයිලඩි වරාය ධීවර ගැටලුව, කිලිනොච්චියේ අනවසර වැලි ගොඩදැමීම් වැලැක්වීම ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ජනතාව නගන සියලු ගැටළු කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා අවධාරණය කළහ. වැඩිදුර සමාලෝචන සිදුවීමක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, වරාය හා නාවික අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම රැස්වීමට සහභාගි විය.

රජයේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නවල කොටසක් ලෙස “යුක්තිය සඳහා ප්‍රවේශය” ජංගම සේවාව දියත් කර ඇත. ජනතා කේන්ද්‍රීය සැලසුම් වඩා හොඳින් ගෙනඒම පිණිස රජයේ ප්‍රතිපත්ති මෙන්ම මහජන අදහස් ලබා ගැනීමේ ප්‍රමුඛතාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම නියැලීම්වලින් ප්‍රයෝජන ගැනීමට රජය අදහස් කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close