‘ගෝලීය වර්ධන සංසදය’ සඟරාව (World Growth Forum) ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ පිළිබඳ " 2021 වසරේ  පුද්ගලයා"  වශයෙන් තෝරා ගනී

 ‘ගෝලීය වර්ධන සංසදය’ සඟරාව (World Growth Forum) ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ පිළිබඳ ” 2021 වසරේ  පුද්ගලයා”  වශයෙන් තෝරා ගනී

මාසිකව පළ කෙරෙන ජනප්‍රිය ව්‍යාපාරික සහ පුවත් සඟරාවක් වන ‘ගෝලීය වර්ධන සංසදය’ (WGF) නමැති සඟරාවේ “2021 වසරේ පුද්ගලයන්” පිරිස අතරට, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ සම්බන්ධයෙන් තෝරාගෙන ඇත. 2021 වර්ෂය තුළ ධනාත්මක ගෝලීය වර්ධනයක් ඇති කිරීම උදෙසා ඵලදායී භූමිකාවක් ඉටු කළ විවිධ තරාතිරම්වල පුද්ගලයින් WGF සඟරාව විසින් තෝරාගනු ලැබී ය. මෙහිදී ‘රාජ්‍යතාන්ත්‍රික හා ද්විපාර්ශ්වික සබඳතා’ සම්බන්ධයෙන් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීම " වෙනුවෙන් 2021 වසරේ WGF පුද්ගලයා වශයෙන් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා තෝරාගන්නා ලදි. තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සමඟ පවත්වන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවක්, මෙම සඟරාවේ ජනවාරි (2022)  කලාපය මගින් පළ කෙරිණි. පහත සබැඳිය ඔස්සේ ඊට පිවිසිය හැකි ය:

https://worldgrowthforums.com/world-growth-forums-magazines/wgf-mag-jan-2022/

‘ගෝලීය වර්ධන සංසදය’ යනු ලාභ නොලබන පදනමකි. එහි අරමුණ වන්නේ ධනාත්මක ගෝලීය වර්ධනයක් සිදු කිරීම සඳහා ලෝක නායකයන් විශිෂ්ටත්වයෙන් හෙබි එකම වේදිකාවකට ගෙන ඒමයි. සියලුම ජන කොට්ඨාශ, ජන සමාජ, ආර්ථිකයන්, කලාප, රටවල් සහ මහද්වීප අතර සාමය, සෞභාග්‍ය හා සහජීවනය සෑම විටම තහවුරු කරමින්, සෑම වසරකම එම ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ දැක්මකින් හෙබි WGF පදනම, විවිධ රටවල් තුළ සිය මෙහෙවර ඉටු කරන අතරතුර ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියක නිරතව සිටියි. WGF පදනම රටවල් 85කට අධික ව්‍යාපාරිකයින් පිරිසකින් සහ ව්‍යාපාරික සංවිධාන 25,000කට අධික ප්‍රමාණයකින් සමන්විත ය. මෙම සඟරාව ‘ගෝලීය වර්ධන සංසදය’ නමැති වෙළඳ ලකුණ යටතේ ලිකෝර්න් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close