ජෙඩා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය සමරයි

ජෙඩා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සැමරීම සඳහා 2022 පෙබරවාරි මස 04 වන දින කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේදී ජාතික ධජය එසවීමේ උත්සවයක් පැවැත්වුණු අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම උත්සවය කොන්සල් ජනරාල් කාර්ය මණ්ඩලයට පමණක් සීමා විය.

කොන්සල් කාර්යාලයේ පළමු ලේකම් එච්. පී. ඩී. එන්. කේ. ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමත් සමඟ මෙම උත්සවය ආරම්භ විය.

මෙහිදී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම ඉන් අනතුරුව සිදු වූ අතර රටට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික වතාවත් සිදු කරන ලදි.

‍එහිදී  ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ විදේශ අමාත්‍යතුමාගේ නිදහස් දින පණිවිඩ පිළිවෙළින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් කියවනු ලැබිණි.

සිය කාර්ය මණ්ඩලය ඇමතූ පළමු ලේකම් ජයසේකර මහතා,  ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද "සෞභාග්‍යයේ දැක්ම" නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කොන්සල් ජනරාල් කාර්ය මණ්ඩලය වන අප එකම දූත මණ්ඩලයක් වශයෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

තෙවන ලේකම් ඩී. ටී. යූ. එස්. දංගල්ල මහතා විසින් මෙම අවස්ථාවට සහභාගි වීම වෙනුවෙන් කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුදකිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන නිමා විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජෙඩා, සෞදි අරාබි රාජධානිය

2022 පෙබරවාරි මස 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close